free hit counter

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ..

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) පස්වරුවේ විවෘත කෙරිණි.

හොරණ, වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155 ක භූමියක මෙම කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ.

උත්සවයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කර්මාන්ත ශාලාව හිමි නිෂ්පාදන සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කළේ ය.

මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 100කි.

SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි , ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළෙඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිෂ්පාදනවලට ඇතුළත් ය.

අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුක්ත මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනවලින් 80 % ක් අපනයනය කරන අතර ඉතිරි 20 % දේශීය වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.

කර්මාන්ත ශාලාව පරිසර හිතකාමී ලෙස ඉදි කිරීම ද විශේෂත්වයකි.

Facebook Comments