free hit counter

අනිද්දා සිට සංචාරකයින්ට රට විවෘතයි.. – ඇමති ප්‍රසන්න රණතුංග

අනිද්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ජනමාධය අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග නෙ ඇති බවයි.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සිදු කරන්නේ , සංචාරක ව්‍යාපායෙන් සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30 කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook Comments