free hit counter

මහරැජිණගේ ගංජා බීම

එංගලන්තයේ දෙවන එළිසබෙත් මහරැජිණට අයත් ගොවිපොළකින් ගංජා අඩංගු ශක්තිජනක පානයක් වෙළඳපොළට නිකුත් කිරීම අරඹා තිබේ. ” TRIP ” නමින් නිෂ්පාදනය කර ඇති මෙම ශක්තිජනක පානය මිලි ලීටර් 250 ක ඇසුරුමකින් නිකුත් කර ඇති අතර එයින් මිලිග්‍රෑම් 15ක් ” කැනබිඩියෝල් ” හෙවත් ගංජා වල අඩංගුවන මූළික රසායනික මූලද්‍රව්‍යයෙන් සංයුක්ත වේ. මෙම පානය ඉඟුරු හා පීච් රසයෙන් මිලදී ගැනීමේ හැකියාව පවතී.

වින්ඩ්සර් මාළිගය අසල වෙළඳසැලෙන් තොග වශයෙන් මෙම නව පානය මිලදී ගැනීමට හැකියාව පවතී. TRIP හි විශේෂත්වය වන්නේ එය එළිසබෙත් මහරැජිණට අයත් ගොවිපොලකින් නිෂ්පාදනය කිරීමයි.

නිෂ්පාදකයන් පවසන්නේ එය “ඔබේ මනසට පැහැදිලි බවක් සහ ශරීර සමතුලිතතාවයක් ලබා දෙයි” යනුවෙනි.

එසේම මෙමඟින් ඔබට අඩු ආතතියක් හා අඩු කනස්සල්ලක් හා නිර්මාණශීලී බවක් දැනෙනු ඇති අතර ප්‍රීතිමත් දවසක් ගත කිරීමට හැකිවනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටි.

මේ වන විට මෙම පානය සඳහ ඉහළ ඉල්ලුමක් පවතින බව නිෂ්පාදකයන් ප්‍රකාශ කර සිටී.

Facebook Comments