free hit counter

මානව හිමිකම් කඩන ශ්‍රී ලංකාවට සම්භාධක පනවන්න ජාත්‍යන්තර යෝජනාවක්

ශ්‍රී ලංකා ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල කරමින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් විසින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ. ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මිළඟ සැසිවාරය ඉලක්ක කරගෙන පසුගිය ජනවාරි 12දා මෙම වාර්තාව නිකුත් කර තිබේ.

එම වාර්තාව මගින් මූලික වශයෙන් පහත දැක්වෙන චෝදනා රාජපක්ෂ ආණ්ඩුව වෙත ඉදිරිපත් කර තිබේ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පත් කර එයට නිරීක්ෂණ බලතල පමණක් පැවරීම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ඇමැතිවරයකු වන ජගත් බාලසූරිය පත් කිරීම

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා කටයුතු නිරීක්ෂණයට හමුදා නිලධාරීන්ද ඇතුළත් කාර්යසාධක කමිටුවක් පත් කිරීම

කොරෝනා මර්දන ක්‍රියාවලියට හමුදා අංශයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකාරකයන් පත් කිරීම

යුද අපරාධ චෝදනා ඇති අය රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීම

කමල් ගුණරත්න හා ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරැ ජෙනරාල් නිලයට උසස් කිරීම

අතුරුදන් වූවන්ගේ කොමිසම නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම

සුළු ජාතීන් කොන්කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම

ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා යන අයගේ නීතිමය විමර්ශන

රටේ සිවිල් ආයතන රැසක්ම ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කිරීම

එසේම මහ කොමසාරිස්වරිය නිර්දේශ කර ඇත්තේ යුද අපරාධ චෝදනාවලට ලක්වූවන්ගේ විදේශ ගමන් තහනම් කර ඔවුන්ගේ වත්කම් තහනම් කළයුතු බවයි.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ යුද සමයේ ක්‍රියාකළ ආකාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට නීතිමය ඉඩක් ඇති බවද මහ කොමසාරිස්වරිය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හි තත්ත්වය තවත් නරක අතට ක්‍රියාත්මක වුවහොත් ජාත්‍යන්තර සම්භාධක පැනවීමේ ඉඩකඩක් ඇතිවිය හැකි බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබේ.

Facebook Comments