free hit counter

චීනයට එරෙහිව ලංකාවේ තරඟකරනවා ඇමරිකා තානාපතිනිය කියයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් පැවසුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තරඟ කිරීමට කැමති බවයි.

මෙය රාජ්‍ය ප්‍රසම්පාදනය සහ රජයේ ටෙන්ඩර් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවක් මෙන්ම පෞද්ගලික අංශයට ලැබෙන අවස්ථාවක් ද වේ. එම නිසා ව්‍යාපාර කිරීමට පහසු හා උනන්දු ඇති කරවන ලෙස නීති ක්‍රියාත්මක විය යුතුයි.

හවුල්කාරිත්ව ව්‍යාපාර වල දී විවෘත, විනිවිද පෙනෙන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ගිවිසුම් ඇති විය යුතු බව එක්සත් ජනපදය විශ්වාස කරන බව ඇය පැවසුවාය.

චීන ජාතිකයන් සම්බන්ධ සමහර හවුල්කාරිත්වයන් වලදී ශ්‍රී ලාංකිකයන්ට විශාල කොටසක් තිබේදැයි ටෙප්ලිට්ස් ප්‍රශ්න කළේය.

තානාපතිවරියා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමහර චීන ව්‍යාපෘති පිළිබඳව ජනමාධ්‍ය වාර්තා අනුව ගැටළු ඇති බවයි.

සමහර ව්‍යාපෘති පරිසරයට බලපාන ආකාරය සහ ශ්‍රී ලංකා සමාගම්වලට කොන්ත්‍රාත්තු සඳහා තරඟ කිරීමේදී ඇති වන සීමාවන් වැනි ගැටළු පිළිබඳ අවධානය යොමු විය යුතු බව ඇය පැවසුවාය.

එසේම ඇය පවසන්නේ “එය ශ්‍රී ලාංකිකයින්ට ලැබිය යුතු තිරසාර සංවර්ධනයක් ලබා දෙන්නේ නැත,” යනුවෙනි.

Facebook Comments