free hit counter

වයස 10 ත් 12 ත් අතර දරුවන්ගෙන් 47% ක් ලිංගික සංසර්ගයේ යෙදී තිබෙනවා

ඕස්ට්‍රේලියාවේ සිදුකරන ලද නවතම ජාතික සමීක්ෂණයක් මගින් තහවුරු වී ඇත්තේ වයස 10 ත් 12 ත් අතර දරුවන්ගෙන් 47% ක් ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ පාසල් විෂය පද්ධතියට ලිංගික අධ්‍යාපනය පිළිබඳ විෂය ඇතුලත්ව තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන බව පවසන සමීක්ෂකයන් එමගින් තහවුරු කරන්නේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම තව දුරටත් පුළුල් විය යුතු බවයි.

යෞවනයන් සාමාන්‍යයෙන් ලිංගිකව හැසිරෙන්නේ විනෝදය සඳහා වන නමුත් බොහෝ පාසල් ලිංගිකත්වය මූලික වශයෙන් ප්‍රජනන ක්‍රියාවලියක් ලෙස සලකමින් ඉගැන්වීම මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුවී ඇති බව ඔවුන් අනාවරණය කරනවා.

“විනෝදකාමී අංගය යෞවනයන් ලිංගිකව හැසිරීමට බෙහෙවින් හේතුවක්” සමීක්ෂකයන් පෙන්වා දෙනවා.

සමීක්ෂණයට සම්බන්ධ වූ වෛද්‍ය හෙන්ඩ්‍රික්ස් පැවසුවේ ලිංගික අධ්‍යාපනය මගින් විනෝදය, ගෞරවය, සමීපභාවය, සබඳතා සහ කැමැත්ත ඇතුළත් ලිංගිකත්වය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක දැනුමක් ලබා දිය යුතු බවයි.

Facebook Comments