free hit counter

නැගෙනහිර වෙරළින් මතුවන අමුතුම ලෝක වාර්තාව

කැළිකසල වලින් තොර පරිසරයක් ඇති කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය යටතේ ක්‍රියාත්මක වන එක් ව්‍යාපෘතියක් මගින් ත්‍රිකුණාමල මුහුදු වෙරළේ එකතුවන ප්ලාස්ටික් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය වලින් අඩි 100ක් දිග තල්මසෙකු නිර්මාණය කිරීමට යෝජනා වී තිබෙනවා.

එය නිර්මාණය කරන්නේ ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙකු වන ලලිත් සේනානායක මහතා විසිනි. මෙම නිර්මාණය ලෝක වාර්තාවක් වන බව පැවසෙනවා.

ත්‍රිකුණාමලය නගර සභාව සහ තවත් ආයතන කිහිපයක සහයෝගයෙන් මෙම තල්මසා නිර්මාණය කිරීමට නියමිතය. මේ අතර ප්ලාස්ටික් උපයෝගි කර ගනිමින් තාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඇතුළු තවත් පරිසර සංරක්ෂණ ව්‍යාපාතින් කිහිපයක් ම මෙයට සමගාමිව නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක වනු ඇත.

Facebook Comments