free hit counter

හරීන් ප්‍රනාන්දුගේ විශ්වාසය නාමල් රාජපක්ෂට

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජෙරොම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

ජයරත්න මහතා රාජපක්ෂ පවුල සමඟ සම්බන්ධ වීම හේතුවෙන් ඔහුට එරෙහිව සමාජ මාධ්‍යවල දැඩි විරෝධතා එල්ල විය. ජයරත්න මහතාට ක්‍රීඩකයින් අපහසුතාවයට පත් නොවී ඔවුන් සමඟ කටයුතු කිරීමේ හැකියාව ඇති බව හිටපු අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතකදී ජෙරොම් ජයරත්න මහතා බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ජාතික කණ්ඩායම් කළමනාකරු ලෙස පත් කළේය.

කණ්ඩායම් කළමනාකරු ලෙස ජයරත්න මහතා පත් කරනු ලැබුවේ එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේ අවසානයේ පෞද්ගලික හේතුන් නිසා අශාන්ත ද මෙල් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවිනි.

Facebook Comments