free hit counter

නැගෙනහිර ජැටිය ගන්න අදානි සමාගමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් කුට්ටියක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් පවතින බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබෙමින් ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති

විකිණීම, බදුදීම, ආයෝජනය ආදී විවිධ වචන භාවිතා කළ ද මෙහි සිදුවන්නේ එකම ක්‍රියාදාමයක් යැයි උන්වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධ වන යෝජනාවලිය සහිත කැබිනට් පත්‍රිකාවට අදානි සමාගම යන නම ඇතුළත් වන කෙසේදැයි දැඩි ප්‍රශ්නයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

Facebook Comments