free hit counter

සෙල්සියස් අංශක -54 ක සිරවූ අහිංසක ජීවිතය

රුසියාවේ සයිබීරියා ප්‍රදේශය අධික ශීතල කාළගුණයක් සහිත ප්‍රදේශයක් ලෙස සැලකේ. සෙල්සියස් අංශක -54 ක උෂ්ණත්වයක් සහිත කාළගුණයක් සහිත රාත්‍රියක තම සේවා මුරය අවසන් කර නිවස බලා පිටත් වූ රෝහල් සේවිකාවකට අමුතු ශබ්දයකින් කෑ ගසන සුනඛයෙකුගේ හඬක් යාන්තමට ඇසුණු අතර එය ගණන් නොගෙන යන්නට සිතුනත් ඇගේ කාරුණික හදවත එයට ඉඩ නොදුන්නේය.

සුනඛයාගේ හඬ පසුපස ගමන් කළ ඇයට සෙල්සියස් අංශක -54 ක උෂ්ණත්වයක් සහිත කාලගුණයේ ශීතලෙන් ගල් වූ සුනඛයා හමු විය.

එය අදහා ගත නොහැකි සිදු වීමක් සුනඛයා ශීත අයිස් විසින් පොළොවට තදින් අලවාගන සිටියේය. කිසිවිටෙක සුනඛයාට තනිව නැගී සිටීමට නොහැකි ආකාරයෙන් ශීත හිම තට්ටු ඌගෙ ශරීරය වෙලාගන තිබිණි.

රෝහල් සේවිකාවගේ කෑ ගැසීමට ගම්වාසින් නිවෙස් වලින් පිටතට පැමිණි අතර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අයිස් තට්ටුව කඩා සුනඛයා බේරා ගන්නා ලදී.

හිමිකරුවෙකු නොමැති සුනඛයා මරණාසන්න අත්දැකීමක් විඳිමින් සිටි අතර කරුණාවන්ත රෝහල් සේවිකාව එම සුනඛයාට තම සුරතල් සුනඛයා ලෙස නිවසේ ඇති කිරීමට බාර ගත්තේය.

මෙම සිදුවීම පුදුම සහගත සිදුවීමක් ලෙස සැළකෙන්නේ සෙල්සියස් අංශක – 54 ක් වැනි උෂ්ණත්වයක ජීවත්වීම ඉතා අසීරූ කරුණක් වන බැවිණි.

මුලින් දුර්වල තත්ත්වයක් පෙන්නුම් කළද සුරතල් සුනඛයාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

කාරුණික මිනිසුන් ලෝකය ලස්සන කරන බව රෝහල් සේවිකාව පිළිබඳ කතා කරමින් ගම්වාසින් පවසයි.

Locals expected the poor dog - name unknown - to be seriously frostbitten but surprisingly her condition was 'not severe', said reports. She is seen being treated at a local vet in Siberia

 

A stray dog that was found frozen alive in blistering cold has been miraculously rescued

Facebook Comments