free hit counter

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමාජ මාධ්‍ය පාලනයට සැරසෙයි

ට්විටර්, ෆේස්බුක් වැනි සමාගම් පාලනය කිරීම සඳහා රෙගුලාසි අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ව ස්ථිරවම අත්හිටුවීමට ට්විටර් සමාගම ගෙන ඇති තීරණය නිවැරදි දැයි මාධ්‍ය හමුවකදී විමසූ විට, එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් කෙලින්ම පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට, ඔහු යෝජනා කළේ, පාලනය නොකළ අනිසි බලයක් භාවිතා කරනවාට වඩා සමාජ මාධ්‍ය පැහැදිලි නීති මාලාවක් අනුගමනය කළ යුතු බවයි.

ඔහු කියා සිටියේ “යාන්ත්‍රණයන් සඳහා නියාමන රාමුවක් ඇති කළයුතු අතර එය සිදු කිරීමට ඉඩ සලසන නීති රීති ජාත්‍යන්තර ප්‍රජාව විසින් සකස් කළ යුතු බවය.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියා සිටියේ සමාජ මාධ්‍ය දැවැන්තයින් සතුව දැනටමත් ඇති හැකියාවන් පිළිබඳව තමා “විශේෂයෙන් කනස්සල්ලට පත්ව සිටින” බවත්, එම සමාගම් ලබා ගන්නා දත්ත විශාල වශයෙන් පාලනය කර නොමැති බවත්ය.තාක්ෂණික දැවැන්තයින්ට එම තොරතුරු වෙළඳ දැන්වීම් අරමුණු සඳහා පමණක් නොව “අපගේ හැසිරීම වෙනස් කිරීමට” සහ පුරවැසියන් “පාලනය කිරීමට” භාවිතා කළ හැකි වීම බැරෑරුම් යැයි ඔහු පැවසීය.

ට්විටර්, ෆේස්බුක්, ගූගල්, ඇපල් සහ ඇමේසන් වැනි බිග් ටෙක් සමාගම් මෑතකදී පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම සඳහ විශාල කාර්යභාරයක් ඉටු කළහ. තැපැල් ඡන්ද ගණන් කරන විට ආරම්භයෙදී තිබුණු ජයග්‍රහණය වාෂ්ප වෙමින් යන බව දුටු එවකට ජනාධිපතිවරයාගේ ට්වීට් සලකුණු කළේ මහා පරිමාණ ඡන්ද වංචාවක් යැයි චෝදනා කරමිනි. ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ජනවාරි 6 වන දින එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය වෙත කඩා වැදුණු පසු, ට්විටර් සහ ෆේස්බුක් සහ වෙනත් ස්ථාපිත සමාජ මාධ්‍ය න් ට්‍රම්ප් “ප්‍රචණ්ඩත්වය උසිගැන්වූ” බවට චෝදනා කරමින්ඔහුගේ ගිණුම් අත්හිටු වීමට කටයුතු කළේය.

ට්විටර් හි ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි, ට්විටර් හි වර්තමාන ප්‍රතිපත්තියට එකඟ නොවන පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියේ ට්‍ වේදිකාවෙන් ඉවත්ව යන ලෙසයි.

Facebook Comments