free hit counter

පත් වීම දී වසරක් ගතවුනත් මිලින්ද මොරගොඩ ඉංදීය මහකොමසාරිස්ධූරය බාරගන නෑ

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නවදිල්ලියට පත්කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා තවමත් රාජකාරී බාරගෙන නැත. හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්කළේය. ඔහුට තානාපතිවරයකුටත් වඩා ඉහළ බලතලයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් මහ කොමසාරිස්වරයා තවමත් රාජකාරී බාරගෙන නැති බවය. කෙසේ වෙතත් වසරක් යනතෙක්ම තම ධූරය භාර නොගැනීම අභිරහසක් බවත් දේශපාලන ලෝකයේ කතා වන බව පැවසෙනවා.

නවදිල්ලි තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට සුවිශේෂයි. අනෙක් රටවලට සාපේක්ෂව ඉන්දියාව අපට විශේෂයි. අවුරුද්දක් තිස්සේ දිල්ලියට මහ කොමසාරිස්වරයෙක් පත්නොවීම පාඩුවක්. අපේ ආසන්නතම වැදගත් රට ඉන්දියාව යැයි දේශපාලන විචාරකයෝ පවසති.

මීට අමතරව කැනඩාවට සහ සෞදිඅරාබියට පත්කර යවන ලද තානාපතිවරුන්ටද එම රටවලින් යම් යම් ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇතැයිද වාර්තාවේ. කැනඩාවට පත්කර ඉන්නේ ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. කැනඩාව තවම අනුමැතිය ලබාදී නැහැ.

සෞදි අරාබියත් තානාපතිවරයා සම්බන්ධයෙන් අනුමැතිය ලබාදී නැහැ. ඊට වෙනත් ගැටලුවක් බලපාන්න ඇතැයි අනුමාන කරන්න පුළුවන්’’ යැයි දේශපාලන විචාරකයෝ පවසති.

Facebook Comments