free hit counter

පාඨලී චම්පික සමගි ජන බලවේගය අත්හරී

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ දේශපාලන ඉරණම ලබන සඳුදා (01) තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ නායකයින් සහභාගී වූ විශේෂ රැස්වීමකට ඔහුට ආරාධනා කර ඇති අතර, ‘43 වන සේනාංකය’ නමින් ඇරඹු නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

43 වන සේනාංකය අත්හිටුවීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

පාර්ලිමේන්තු විනය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක මහතා ඊට එකඟ නොවන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එකඟ බව පැවසේ.

මේ අතර රනිල්, මංගල සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයකට චම්පික නායකත්වය දීමට සූදානම් බවත් තොරතුරු වාර්තා වෙමින් පවතී.

Facebook Comments