free hit counter

නාමල් දෙපැත්තේ ඉන්නේ මහේලයි සංගක්කාරයි ක්‍රිකට් විනාශ කරන හැටි අර්ජුණ හෙළිකරයි

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂගේ දෙපැත්තේ ඉන්නේ මහේලයි සංගක්කාරයි. මහේලයි, සංගක්කාරයි බොරුවට කතා කරලා වැඩක් නෑ. ක්‍රියාවෙන් ඔප්පු කළයුතුයි. නමුත් ඒ දෙය වෙලා නෑ.

ඔවුන් විසින් ක්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් ඒ මහතා චෝදනා කරයි.

අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාරවරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කළේය.

ක්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසයි.

රවීන් වික්‍රමරත්න කියන උපසභාපතිවරයා පිළිබඳ විමර්ශනයක් කළයුතුයි. ඒ පිළිබඳ මම නාමල් රාජපක්ෂට කිව්වා. ඔහු කිව්වා එංගලන්ත සංචාරය ඉවර වෙනකම් ඉන්න කියලා. LPL ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා LPL එකෙන් අපිට මොනවද වුණේ. ඒ පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි.

මහින්දානන්ද හිටපු ක්‍රීඩා ඇමතිතුමා කිව්ව කතාව ඇත්ත. ICC එක ලංකාව දූෂිත බව කියනවා.

රණතුංග පවුල බෙදා වෙන් කළේ රාජපක්ෂලා.

 

Facebook Comments