free hit counter

නැගෙනහිර පර්යන්තය පවරන්න කැබිනට් අනුමැතිය සඳුදා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පැවරීමට ඇති යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලය ඉදිරියේ අනුමත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ බොහෝ දෙනෙකුගේ අදහස් නොතකා හරිමින් 20 වන සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය කැබිනට් මණ්ඩලය ඉදිරියේ බැගෑපත්ව ලබා ගත් ජනාධිපතිවරයා කෙසේ හෝ කැබිනට් මණ්ඩලය ඉදිරියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ යෝජනාව සම්මත කර ගනු ඇති බවට පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සඳහ කටයුතු කළ ස්වාමින්වහන්සේලා ප්‍රකාශ කර සිටී.

පසුගියදා වරාය සේවකයන් හමුවූ ගැටඹේ මහා විහාරාධිපති හිමියන් පැවසුවේ ගෝඨාභය කොන්ද පණ ඇති නායකයෙකු ලෙස තමන් විශ්වාස කළද දැන් එසේ නොවන බව පෙනෙන බවයි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට ගෝඨාභය දක්වන උනන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂව කතා කළ බොහෝ පිරිසක් දැඩි විවේචනයක් එල්ල කරමින් කියා සිටින්නේ රට බේරා ගැනීමට ගෙන ආ නායකයාගෙන් රට බේරා ගැනීමට තමන්ට දැන් සිදුව ඇති බවයි.

ගෝඨාභයගේ ඇමරිකන් – ඉන්දියා ගැති පිළිවෙත පිළිබඳවත් සඳුදා එන කැබිනට් තීන්දුව පිළිබඳවත් විමල් වීරවංස ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 08 අද තීරණාත්මක හමුවක් පවත්වන නමුත් අවසාන වශයෙන් ඔවුන් ගෝඨාභය ගේ තීරණයට පක්ෂ වනු ඇති බවට ආරංචිමාර්ග පෙන්වා දෙනවා.

Facebook Comments