free hit counter

මහත්මා ගාන්ධි ඝාතකයා වීරයෙක් ලෙස සලකන මෝඩිගේ ඉන්දියාව

පසුගිය ජනවාරි 10 වන ඉරිදා දිල්ලියට සැතපුම් 200 ක් දකුණින් පිහිටි ග්වාලියර් නම් ඉන්දියාවේ අප්‍රසිද්ධ ගොඩනැගිල්ලක විශාල පිරිසක් රැස්ව සිටියහ. බොහෝ දෙනෙක් දීප්තිමත් කුංකුම තවරා තොප්පි සහ ස්කාෆ් පැළඳ සිටියහ.

මහත්මා ගාන්ධිට වෙඩි තැබූ පුද්ගලයා නාතුරාම් ගොඩ්සේ වෙනුවෙන් කැප කරන ලද අනුස්මරණ පුස්තකාලයක් සහ “දැනුම් මධ්‍යස්ථානයක්” වන ගොඩ්සේ ගයා ෂාලා සමාරම්භක උත්සවයට සහභාගී වීමට පැමිණි පිරිස එහි සිටියහ. භක්තිමත් කහ සහ රෝස මල් කාමරයේ කේන්ද්‍රස්ථානය වන ගොඩ්සේගේ කළු සුදු ඡායාරූපයක් වටා තබා තිබුණි.

1948 ජනවාරි 30 වන දින ගොඩ්සේ ගාන්ධි ඉදිරිපිටට ගොස් තුන් වතාවක් වෙඩි තැබුවේය. හින්දු ජාතිකවාදය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති ගොඩ්සේ සිතුවේ ගාන්ධි විසින් ඉන්දියාවේ හින්දු භක්තිකයන් පාවා දී ඇති බවයි. රට බෙදීමට එකඟ වීමෙන් පාකිස්තානය බිහි කිරීමට සහ මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ගාන්ධි කටයුතු කළ බව ගොඩ්සේ විශ්වාස කළේය.1949 නොවැම්බර් 15 දින දී ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් ගොඩ්සේව එල්ලා මරා දමන ලදී.

ඊළඟ දශක කිහිපය තුළ ගොඩ්සේ “ඉන්දියාවේ පියාගේ” ඝාතකයා , ත්‍රස්තවාදියෙකු හා ද්‍රෝහියෙකු ලෙස ප්‍රකාශයට පත් විය. එහෙත්, මෑත වසරවලදී, හින්දු ජාතිකවාදය අන්තවාදී අන්තයක සිට ප්‍රධාන ධාරාවේ ඉන්දියානු දේශපාලනය කරා ගමන් කර ඇති හෙයින් – පාලක භාරතීය ජනතා පක්ෂයට හින්දු ජාතිකවාදී න්‍යාය පත්‍රයක් තිබේ. දැන් නාතුරාම් ගොඩ්සේ වරදවා වටහාගත් ඉන්දියානු දේශප්‍රේමියෙකු ලෙස ගෞරවයට පාත්‍ර වේ.

මේ අතර, 2014 දී භාරතීය ජනතා පක්ෂය බලයට පත්වූ දා සිට සියලු ආගම්වලට සමාන අයිතිවාසිකම් ඇති ඉන්දියාව පිළිබඳ ගාන්ධිගේ දැක්ම යටත් කර ඇත.

අනුස්මරණ පුස්තකාලය පිටුපස සිටින හින්දු ජාතිකවාදී සංවිධානය වන හින්දු මහා සභාවේ ජාතික ලේකම් දේවේන්ද්‍ර පාණ්ඩේ පවසන්නේ ගාන්ධි ඝාතනය කිරීමෙන් නිවැරදි බවයි. ඉන්දියාව “හින්දු භක්තිකයින්ට සුදුසු රටක්” ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවත්, මිලියන 200 ක මුස්ලිම් ජනතාව පාකිස්තානයට යා යුතු බවත් දේවේන්ද්‍ර පාණ්ඩේ විශ්වාස කරයි.

ගොඩ්සේ ගාන්ධි තම පියා ලෙස සැලකුවේය. එබැවින් ඔහුව ඝාතනය කිරීම ඔහුට මහත් වේදනාවක් ගෙන දෙන්නක් විය යුතුය. ගාන්ධි ඉන්දියාව පාවා දුන් නිසා ගොඩ්සේ ක්‍රියා කළේය – ගොඩ්සේ සැබෑ ජාතිකවාදී ප්‍රාණ පරිත්‍යාගිකයෙකු වූයේ කෙසේද යන්න මෙම පුස්තකාලය ඊළඟ පරම්පරාවට උගන්වනු ඇත.

ගොඩ්සේ අනුස්මරණය කිරීම හා ගරු කිරීම සඳහා පුස්තකාලය මෑතදී ගත් බොහෝ උත්සාහයන්ගෙන් එකකි. ගොඩ්සෙට අයත් හා දැන් ඉන්දියාව පුරා සාමාජිකයින් 750,000 ක් පමණ සිටින හින්දු මහා සභාව, ගොඩ්සේ ප්‍රතිමා කිහිපයක් ඉදිකර ඔහුගේ නමින් පන්සල් පිහිටුවීමට උත්සාහ කර ඇත.සංවිධානය මැයි මාසයේ ගොඩ්සේගේ උපන් දිනය ශුද්ධ දිනයක් ලෙස සමරයි.

ඉන්දියාව පුරා ගොඩ්සේ වෙනුවෙන් කැපවූ සමාන අධ්‍යාපන හා අනුස්මරණ මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කිරීමට හින්දු මහා සභාව සැලසුම් කර ඇතැයි පාණ්ඩේ පැවසීය. කෙසේ වෙතත්, ගාන්ධිගේ ඝාතකයා උත්කර්ෂයට නැංවීමට තවමත් බොහෝ ප්‍රතිරෝධයක් ඇත. ගොඩ්සේ අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමෙන් දින දෙකකට පසුව, එය ප්‍රාදේශීය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත වසා දැමීමට සිදුවිය. ගොඩ්සේ ස්මාරක ඉදිකිරීමට හා ඔහුගේ ගෞරවය පිණිස උත්සව පැවැත්වීමට උත්සාහ කළ හින්දු මහා සභාවේ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිව් ජර්සි හි රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු ඉතිහාසයේ සහකාර මහාචාර්ය ඕඩ්රි ට්‍රෂ්ක් පැවසුවේ “ගොඩ්සේට ඇති ගෞරවය සහ ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවීම සියල්ලම භාරතීය ජනතා පක්ෂයේ නැගීම හා බැඳී පවතී. එය පසුගිය දශකය තුළ මතුවීමට පටන් ගත් අතර ඉන්දියාවේ වැඩි ප්‍රතිශතයක් දැන් මෙය පිළිගැනීමට කැමති තැනට පත් වෙමින් තිබේ. එය මහත්මා ගාන්ධි පිළිබඳ ජනතාවගේ අදහස් තීරණාත්මකව නැවත සකස් කිරීමකි. ” යනුවෙනි.

ගාන්ධිගේ චරිතාපදානයක් ලියූ ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා කියා සිටියේ භාරතීය ජනතා පක්ෂය මුස්ලිම්වරුන්ට සෘජුවම වෙනස් කොට සැලකීම සඳහා පුරවැසි නීතියක් ඇතුළුව හින්දු ජාතිකවාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යද්දී ගොඩ්සේගේ උරුමය ඉන්දියාවේ පුනර්ජීවනය වීම පුදුමයක් නොවන බවයි.

” ගොඩ්සේ” භාරතීය ජනතා පක්ෂ කුඩ සංවිධානයක් ලෙස සැලකෙන අන්තවාදී හින්දු ජාතිකවාදී සංස්කෘතික සංවිධානය වන RSS හි සාමාජිකයෙකි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් බොහෝ දෙනෙක් RSS හි තනතුරු හොබවා ඇත.

“පුද්ගලිකව, භාරතීය ජනතා පක්ෂය ගාන්ධිට අකමැති හා අවිශ්වාසය ඇති කර ගෙන ඇති අතර සාමාජිකයින් අතර ගොඩ්සේ කෙරෙහි සෑම විටම යම් ප්‍රසාදයක් ඇති වී තිබේ” යැයි ගුහා පැවසීය. ඔහුගේ අවිහිංසාවාදී ව්‍යාපාරය ඉන්දියාව දුර්වල කළ බව ඔවුහු විශ්වාස කරති. බෙදීමට එකඟ වීම ගැන ඔවුහු අවිශ්වාස කරති. සියල්ලටත් වඩා ඔහු මුස්ලිම්වරුන්ට සමාන අයිතිවාසිකම් ගැන විශ්වාස කළ බවට වෛර කරති. අකමැත්ත ගැඹුරින් දිව යයි, එබැවින් දේශපාලන හා සමාජීය වශයෙන් භාරතීය ජනතා පක්ෂය මෙතරම් බලවත් වීම පුදුමයක් නොවේ. එය මතුපිටට නැගී ඇත. ”

ගොඩ්සේ වටා ඇති විවාදය “අද ඉන්දියාවේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ හදවතට ඔබව ගෙන යයි” යැයි ගුහා පැවසීය. මෙම “ගොඩ්සේ” නමස්කාරය අපගේ දේශපාලන ජීවිතයේ, අපගේ පොදු ජීවිතයේ, අපගේ ආයතනික ජීවිතයේ සහ අපගේ සංස්කෘතික ජීවිතයේ සැබවින්ම භයානක පරිවර්තනයක ලක්‍ෂණයකි. එය ඉන්දියාවේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය මතු කරයි:

Facebook Comments