free hit counter

වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරයි, සඳුදා වරාය ඉන්දියාවට ?

2021 ජනවාරි 30 වන සෙනසුරාදා දින සිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව වරාය අධිකාරියට අයත් සියලු සේවාවන් පවත්වාගෙන යාමට සේවකයන්ට සිදු වනු ඇත.

මෙවැනි ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ ජනාධිවරයා විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට පොරොන්දු වූ බවට පැවසෙන ප්‍රකාශයක් සමාජගතව ඇති මොහොතකය. නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ගෙන යන සටන මෙම ප්‍රකාශය සමග යම් දියාරු භාවයකට පැමිණ ඇති මොහොතක වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙන්නේ සඳුදා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ කැබිනට් තීරණය ගැනීමෙන් පසු ගැටුම්කාරී තත්ත්වයක් වලක්වා ගැනීමේ අරමුණින්ද යන්න පිළිබඳ සැක මතුවන බව වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසයි.

එසේම නැගෙනහිර පර්යන්තය 100% ක්ම වරාය අධිකාරියට ලබා දීමට තීරණය කර ඇත්නම් මෙවැනි ගැසට් පත්‍රයක් පළකිරීමේ උවමනාවක් නොමැති බවද ක්‍රියාකාරීන් පවසයි. මේ තුළින් දැකගත හැකි වන්නේ ආණ්ඩුව යම් ආකාරයක කපටි ක්‍රියාවක නිරත වන බවද යන්න පිළිබඳ මේ වන විට වරාය වෘත්තීය සමිති අතර මතුව ඇති බව වාර්තා වේ.

No photo description available.

Facebook Comments