free hit counter

රෝයල් – තෝමියන් බිග් මැච් එක හම්බන්තොට ට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 142 වන වතාවටත් පැවැත්වීමට නියමිත වාර්ෂික ක්‍රිකට් තරඟය මෙවර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

නිල් මහා සටන ලෙස හැඳින්වෙන මෙම මහා ක්‍රිකට් තරඟය කොළඹින් පිටතට රැගෙන යාමේ හේතුව ලෙස කොරෝනා වසංගතය සඳහන් කළද බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන බැවින් ඔහුගේ ඡන්ද බලප්‍රදේශය වන හම්බන්තොට ට මෙම තරඟය ගෙනයාමට ඔහුගේ මැදිහත් වීමක් පවතින බවයි.

1975 සිට කොළඹ SSC ක්‍රීඩාංගණය මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත ස්ථීර ස්ථානය බවට පත් කිරීමට පෙර ගෝර්ඩන් ගාඩ්න්ස් හි (වර්තමානයේ ජනාධිපති මන්දිරය පිහිටා ඇති), නොමාඩ්ස් ක්‍රීඩාංගණය, CCC, කැම්බල් පාර්ක්, එන්සීසී, කොළඹ ඕවල් යන ස්ථානවල ක්‍රීඩා කර ඇත.

Facebook Comments