free hit counter

නැගෙනහිර ජැටියට මහින්ද – ගෝඨා ගැටෙති

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ.

කැබිනට් මණ්ඩලයේ 90% පමණ නැගෙනහිර ජැටිය වරාය අධිකාරියෙන් පිට දේශීය හෝ විදේශීය සමාගමකට පවරා දීමට විරුද්ධ බව පැවසු අගමැති වරයා වෘත්තීය සමති තමන් සමග මුල සිටම සංවාදයකට එළඹියා නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදු නොවනු ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.

තමන් බලයට පත් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොවන බව ප්‍රකාශ කළ අගමැතිවරයා තම ප්‍රතිපත්තිය අනුව පෞද්ගලිකරණය ප්‍රමුඛ කාරණයක් නොවන බව ද පැවසීය.

ජනාධිපතිවරයා තම ප්‍රතිපත්තිය අනුව කටයුතු කරනු ඇති බව විශාවාස කරන බව අගමැතිවරයා පැවසුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගනහිර ජැටිය ලබාදීම සාධාරණිකරණය කරමින් පසුගිය දිනවල කතා කළ අතර එය ව්‍යාපාරික අවශ්‍යතාවයක් බව තහවුරු කිරීමට දැඩි උත්සහයක් ගත් බව නොරහසකි.

කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවට සම්බන්ධ බොහෝ පාර්ශවයන් අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැති අතර ඔවුන් විශ්වාසය තබා තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙනි.

Facebook Comments