free hit counter

රංගජීව ට වෙඩි තැබූ අය ඉන්දියාවෙන් අල්ලයි

2017 මැයි මාසයේදී ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නිවාරණ පරීක්ෂකවරයකු වූ නියොමාල් රංගජීව ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසුව, එම්.එම්.එම්. නවාස් සහ මොහොමඩ් අෆ්නාස් රාමේෂ්වරම් වෙරළ තීරය හරහා ඉනියාවට ඇතුළු වී චෙන්නායි නගරයෙන් පිටත රැකවරණය ලබා ගත්හ. මොවුන් දෙදෙනා රෙදි වෙළෙන්දන්ගේ මුවාවෙන් ඉන්දියාවේ ජීවත් වන්නට පටන්ගත් නමුත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමේ අනෙකුත් ප්‍රධාන සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ශ්‍රී ලංකා සිම් කාඩ්පත් සහ වෙනත් අන්තර්ජාල පහසුකම් සහිත වේදිකා භාවිතා කළ බවයි.

“මේ වන විට චන්ද්‍රිකා දුරකථන කිසිවක් සොයා ගෙන නැතත්, චූදිතයන් දෙදෙනාට එය භාවිතා කිරීමේ හැකියාව මේ වන විට බැහැර කළ නොහැකිය” යනුවෙන් ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඕස්ට්‍රේලියාව යන රටවලට මත්ද්‍රව්‍ය ගෙන යන මෙම කල්ලිය කරච්චි වෙරළට ඔබ්බෙන් ධීවර බෝට්ටුවලින් මත්ද්‍රව්‍ය නැව්ගත කර ඇත. මෙම යාත්‍රා සාමාන්‍යයෙන් ඉන්දියානු මුහුදු සීමාවට ඇතුළු නොවේ. මහ මුහුදේදී, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ගමනාගමන ස්ථාන වෙත තවදුරටත් ප්‍රවාහනය කිරීම සඳහා මත්ද්‍රවය තොග වෙනත් බෝට්ටු වෙත ගෙන යනු ලැබේ.

චූදිතයන් දෙදෙනා ප්‍රවාහන සහාය සඳහා කිසියම් ඉන්දීය අපරාධ කල්ලියක් සමඟ සබඳතා ගොඩනඟා ගෙන ඇත්දැයි සොයා බැලීමට ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

Facebook Comments