free hit counter

අවුන්සාන් සු කී හමුදා භාරයට

මියන්මාර නායක අවුන් සාන් සූ කී සහ රජයේ ඉහළ පෙළේ පුද්ගලයින් “හමුදාව විසින් රඳවාගෙන ඇති” බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ ප්‍රකාශකයෙක් සඳුදා පැවසීය.

“රාජ්‍ය උපදේශක අවුන් සාන් සූ කී සහ තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් (අගනුවර) නයිපයිඩාවෝ හි රඳවාගෙන සිටින බව” ප්‍රකාශක මයෝ නියුන්ට් පැවසීය.

සූ කීට අමතරව මියන්මාරයේ විශාල ප්‍රාන්තවල ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුදාව විසින් රඳවාගෙන ඇති බව එම ප්‍රකාශකයා පැවසීය. “හමුදාව දැන් අගනුවර පාලනය කරන බව පෙනේ,” ප්‍රකාශක මයෝ නියුන්ට් පැවසීය.

සිවිල් රජය සහ බලවත් මිලිටරිය අතර දින ගණනක් තිස්සේ පැවති ආතතිය උත්සන්න වීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

2020 නොවැම්බරයේ පැවති මැතිවරණයකින් පසුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය බලයට පැමිණි අතර එය 2015 දී හමුදා පාලනය අවසන් වීමෙන් පසු රටේ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීම විය.

ජනවාරි 29 වන දින ප්‍රකාශයක් මගින් මියන්මාරයේ ජාත්‍යන්තර දූත මණ්ඩල 16 ක් රටේ හමුදාවෙන් ඉල්ලා සිටියේ “ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් පිළිපදින්න යනුවෙනි.

“මැතිවරනයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හෝ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට අපි විරුද්ධ වෙමු,” එම ප්‍රකාශය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ දූත මණ්ඩල විසින් අත්සන් කරන ලදී.

“වැඩි ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක්, තිරසාර සාමයක් සහ මියන්මාරයේ ජනතාවගේ සමෘද්ධිය උදෙසා කටයුතු කරන සියලු දෙනාටම අපි සහාය දෙමු.” ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Facebook Comments