free hit counter

ඉන්දීය කොරෝනා එන්නත හේතුවෙන් අතුරු අබාද වාර්තා වීම ආරම්භ වෙයි

කොරෝනා වෛරසය පාලනය සදහා ඉන්දියාවෙන් ලබාදුන් කොවිශිල්ඩ් එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බව ඔහු ප්‍රකාශ කරයි.

මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන් සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

Facebook Comments