free hit counter

ඉන්දියාවෙන් ගෙන්න හදන ” භාරත් බයෝ ටෙක් ” කොවිඩ් එන්නත මර උගුලක් ද

ඉන්දියාවේ ස්වදේශික කොරොන වයිරස් එන්නත් සංවර්ධකයෙකු වන භාරත් බයෝටෙක් විසින් දුර්වල ප්‍රතිශක්තිය සහ අසාත්මිකතා, උණ හෝ ලේ ගැලීමේ ආබාධයක් ඇතුළු වෙනත් වෛද්‍යමය තත්වයන් ඇති පුද්ගලයින්ට තමන් විසින් සංවර්ධනය කරන ලද කොවැක්සීන් එන්නත භාවිතයට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස අනතුරු අඟවා තිබේ – හැකි නම් එවැනි අය එන්නත ලබා නොගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටි.

දැන් මෙම එන්නත ලංකාවට ගෙන ඒම සඳහා යම් සැලසුමක් ක්‍රියාත්මක වන බව කරුණු අනාවරණය වෙමින් පවතින අතර ඉන්දියානු විශේෂඥයින් විසින් මෙම එන්නත නිසිපරිදි සායනික පරික්ෂාවට ලක් කර නොමැති බවට මෙයට පෙර චෝදනා කර තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඖශධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ රුසියාව විසින් සංවර්ධන කරන ලද ස්පුට්නික් V එන්නත හා ඉන්දියාවේ නිෂ්පාදිත භාරත් බයෝටෙක් එන්නත ගෙන්වීම පිළිබඳ සලකා බලමින් සිටින අතර ව්‍යාපාරික අවශ්‍යතා මත එන්නත් නිර්දේශ නොකර ඒවායේ ප්‍රමිතිය තීරණය කිරීමේ වගකීම එම ආයතනය සතු වේ.

Facebook Comments