free hit counter

එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ දෙමළ ඊළම පිළිබඳ ජනමතවිචාරණයක්

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ගේ ස්වයං නිර්ණය පිළිබඳව හා ඊලාම් රාජ්‍යක් බිහිකිරීම එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේ ජනමත විචාරණයක් සංවිධානය කරන ලෙස ඉල්ලමින් ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අනෙකුත් අනුබද්ධ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ සාමාජික රටවලින් ඉල්ලා සිටී.

2015 පෙබරවාරි 10 වන දින ශ්‍රී ලංකාවේ උතුරු පළාත් සභාවේදී ඒකමතිකව සම්මත වූ ජන සංහාරක යෝජනාව පිළිගන්නා ලෙසත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සෘජු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවේ පීඩාවට පත් දෙමළ ජනතාවට ඕනෑම දේශීය කොමිසමක් හෝ පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසයක් නොමැති බව වයිකෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් දන්වා සිටී.

දැනට පවත්නා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දෙමළ ජනතාව මර්දනය කිරීම අධීක්ෂණය කිරීම හා විමර්ශනය කිරීම සඳහා විශේෂ වාර්තාකරුවෙකු පත් කිරීම සඳහා 4 වන න්‍යාය පත්‍රය යටතේ නව යෝජනාවක් ගෙන ඒමට ඉන්දියාව රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් එක්ව කටයුතු කළ යුතු බව ද රාජ්‍ය සභා මන්ත්‍රීවරයා පැවසීය.

Facebook Comments