free hit counter

ළමා රෝහලේ බිළිඳුන් 150 කට කොරෝනා, රෝග ලක්ෂණ ඇතිවූ වහා රෝහල් ගත කරන්න

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් – 19 වැළඳුනු බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බව රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය.එසේම එම බිළිඳුන්ගේ දෙමව්පියන් සිය දෙනකුට ද වෛරසය ආසාදනය ඇත.

මාස 18ක බිළිඳෙකු පසුගිය දා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගියේය.

දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටි.

Facebook Comments