free hit counter

13 වන සංශෝධනය වහා ක්‍රියාත්මක කරන්න – ඉන්දීය විදේශ ඇමති එරට පාර්ලිමේන්තුවේදී කියයි

අද ඉන්දීය රාජ්‍ය සභාවේ පැවති සැසිවාරයක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයෂන්කර් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමන් නිරන්තර උනන්දුවෙන් පසුවන බවයි. එසේම මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති හා අගමැතිවරයා හමුවීමෙන් පසුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවන පරිදි කටයුතු කලයුතු බව තමන් දන්වා ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය පිළිබඳ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව අර්ථවත් බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන කැපවීමට මගින් ” යැයි අමාත්‍යවරයා පැවසීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙමළ ප්‍රජාවට බලය බෙදා හැරීම සඳහා පහසුකම් සපයයි. 1987 ඉන්දු-ශ්‍රී ලාංකික ගිවිසුමෙන් පසුව ගෙන එන 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටී.

“මගේ සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට ඉන්දියාව දක්වන සහයෝගය දීර්ඝ කාලීනව පවතින බව මම නැවත අවධාරණය කළෙමි” ඔහු ප්‍රකාශ කළේය.

Facebook Comments