free hit counter

ඉන්දීය ගොවි සටනට සහය දෙන ලොව ප්‍රකට පුද්ගලයන්ට ඔරවන ඉන්දියන් සුපිරි තරු

ඉන්දීය ගොවි සටන ජාත්‍යන්තර වේදිකාවක් දක්වා ගෙනයාමට සුපිරි ජාත්‍යන්තර තාරකාවන් වන රිහානා , මියා කලීෆා හා පරිසරවේදිනියක වන ග්‍රේටා තුන්බර්ග් ට එරෙහිව ඉන්දීය බොලිවුඩ් තාරකාවන් අවි අමෝරා තිබෙනවා.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුද්ගලයන් මෙලෙස ඉන්දීය ගොවි අරගලයට දායකත්වය දක්වමින් සමාජ මාධ්‍යජාලා තුළ ක්‍රියාකාරී වීම ඉන්දීය ගොවි සටනට ඉහළ පිලි ගැනීමක් ගෙන ඒමට සමත්ව තිබෙනවා. ඉන්දීය ආණ්ඩුව අති විශාල සමාගම් හිමිකරුවන් වන අම්බානි හා අදානි වැන්නවුන්ගේ අවශ්‍යතාවයන්ට ඉඩ දෙමින් අතිවිශාල පාරිසරික හානියක් හා කුඩා ගොවීන්ගේ අදායම විනාශ කරමින් කරන ක්‍රියාවන්ට එරෙහිව මෙම ජාත්‍යන්තර තරු පෙළ ගැසී තිබෙනවා.

නමුත් ඔවුන්ට විරෝධය දක්වන ඉන්දීය බොලිවුඩ් තරු වන්නේ ආක්ෂේ කුමාර්, කන්ගනා රනාත් සහ සුදීර් චෞද්රි වැනි අයයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර කාරණා සංද පිටස්තර පුද්ගලයන් මැදිහත් නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් ස්වාදීන විචාරකයන් පවසන්නේ බොලිවුඩ් තරු ඉන්දීය මහා ධනපතියන්ගේ අතකොළු බවට පත්ව ඇති බවයි. ගොවියන් වෙනුවෙන් එකතුවන ජාත්‍යන්තර පිළිගැනීමට එරෙහිව ඔවුන් කතා කරන්නේ අදානි අම්බානිගේ මුදල් වලට යටපත්ව බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

Facebook Comments