free hit counter

ඊජිප්තු රන් දිව

ඊජිප්තු පුරාවිද්‍යාඥයින් ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිටත මිනිස් සුසාන කුටි 16 ක් සොයා ගත් අතර, ඒවායින් එකක මිනිස් හිස් කබලක රන්වන් දිවක් තිබී ඇත. දිව රන් තීරු වලින් සාදන ලද්දක් වන අතර, මරණින් මතු ජීවිතයේදී කතා කිරීමට මළවුන්ට උපකාර කිරීම සඳහා මෙය සාදා ඇති බව ඊජිප්තු සංචාරක හා පුරාවස්තු අමාත්‍යංශය කියා සිටියේය.

පුරාවිද්‍යාඥයන් බටහිර ඇලෙක්සැන්ඩ්‍රියාවේ ටැපොසිරිස් මැග්නාගේ දේවාලයේ කැණීම් කරමින් සිටින අතර මෙම සුසානයන් 16 සොයා ගත් අතර එක මමියක අං වලින් සරසන ලද නළලෙහි නාගයෙකු සහිත ඔටුන්නක් හෝරස් දෙවියන්ගේ සංකේතය වන උකුස්සෙකුගේ හිස එල්ලා තිබෙන මාලයක් මෙහිදී හමු වී තිබේ.

Facebook Comments