free hit counter

බස්නාහිර මහ ඇමති සටනට යෝෂිත රාජපක්ෂ

පළාත් සභා මැතිවරණය පැවැත්වීම බොහෝ කල් ගතවී ඇති බැවිනුත් ඉන්දියාව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස කරන බලපෑම් හේතුවෙනුත් ඉතා මෑතකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බව අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර දෙමළ ජාතික සංධානය උතුරු පළාතේ මහා ඇමති දූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මේ දිනවල සංවාදයක නිරත වෙමින් සිටි.

එසේම අගමැති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ බස්නාහිර පළාතේ මහ ඇමති දූරය සඳහා යෝජනා කලයුතු බවට පොදු ජන පෙරමුණට සම්බන්ධ තරුණ කණ්ඩායම් අතර එකඟතාවයක් ඇති වෙමින් පවතින බව වාර්තා වේ.

තරුණ නායකයෙකු වන යෝෂිත රාජපක්ෂ රාජපක්ෂ පවුලේ නායකත්වය දැරීමට සුදුසුම පුද්ගලයා බවයි මෙම පොදු ජන පෙරමුණට සම්බන්ධ තරුණ පිරිසගේ අදහස වී තිබෙන්නේ.

එසේම කොළඹ නගරයේ ඡන්ද ප්‍රමාණය ලබා ගනිමින් කොළඹ නගරය ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රහණ කිරීම සඳහා හැකියාව ඇත්තේ යෝෂිත රාජපක්ෂට බව ඔවුන්ගේ මතයයි. මේ නිසා යෝෂිත රාජපක්ෂ කොළඹ දිස්ත්‍රික්කයෙන් එළඹෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කර තරුණ නායකයෙකු ලෙස බස්නාහිර පළාත් මහ ඇමතිදූරයට පත් කළ යුතු බවට වන යෝජනාව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරිපත් කිරීමට මෙම පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායම තීරණය කර තිබේ.

Facebook Comments