free hit counter

ලංකාව හොල්ලන්න ඇමරිකාවේ හැදෙන අමුතු සංවිධානය

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ විසින් පෑන් – ඇමරිකානු විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජාලය නමින් නව සංවිධානයක් ගොඩනගා තිබෙනවා. මෙම සංවිධානය ගොඩනැගීමේ අරමුණ වී තිබෙන්නේ ඇමරිකාව තුළ සිටින ශ්‍රී ලාංකිකයන්, ලංකාවේ ආර්ථික දියුණුව හා සමාජ – සංස්කෘතික දියුණුව වෙනුවෙන් එකට එකතුකර සහාය දැක්වීමේ අභිලාෂයෙන් යුක්තවයි. ඇමරිකාවේ ප්‍රාන්ත 27 ක් පුරා දැනට ක්‍රියාත්මකවන මෙම සංවිධානය සියලුම ප්‍රාන්ත ආවරණය වන පරිදි සංවිධානය කිරීමට තානාපතිවරයා බලාපොරොත්තුවනවා.

මෙම ජාලයට ව්‍යවසායකයින්, තරුණයින් සහ ශාස්ත්‍රඥයින් සම්බන්ධ කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය පුරා සිටින ශ්‍රී ලංකා නොවන ‘ශ්‍රී ලංකාවේ මිතුරන්’ වෙත ද ළඟාවෙමින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාවය ඉහළ තලයකට ගෙන යාමේ දී ඔවුන් ‘උත්ප්‍රේරක’ බවට පත් කර ගනිමින් ක්‍රියා කිරීමට ඔහු අපේක්ෂා කරනවා.

එසේම තානාපතිවරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ සහය මෙම සංවිධානය වෙත ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විවේචනය කරන පුද්ගලයන් ප්‍රකාශ කරන්නේ මෙම සංවිධානය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් කළ හැකි ආකාරයට නිර්මාණය කරන ඇමරිකන් ගැති බළල් අතක් බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ පාලන බලය ලබා ගැනීමට අවකාශ හිමිවීමත්, ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා හිටපු ඇමරිකානු පුරවැසියෙක් වීමත්, ඔහුගේ පුත්‍රයා තවත් ඇමරිකාවේ පදිංචි වීමත්, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් වීමත් හේතුවෙන් මෙම සංවිධානය ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු බලය ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කණ්ඩායමක් විසින් දරන උත්සහයක් ලෙසටයි විවේචකයන් පෙන්වා දෙන්නේ.

Facebook Comments