free hit counter

ජනපති කොමිසම හෙළි කළ පාස්කු ප්‍රහාරයේ වරදිකරුවන්ගේ ලැයිස්තුව

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පැවති රජයේ ප්‍රධානින් රැසකටම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සභාව නිර්දේශ ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව එවකට හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානීන්ට ද අපරාධ චෝදනා ගොනු කරන්නැයි එහි නිර්දේශ කර ඇති බවත් කලින් අනතුරු අඟවා තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි ඔවුනට චෝදනා ගොනු කරන ලෙස ද නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.

Facebook Comments