free hit counter

එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් ලංකාවේ ISIS බලය ගැන තොරතුරු එළියට

ISIS සංවිධානයේ අනුගාමිකයන් ශ්‍රී ලංකාවේ සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි වී තිබේ. වාර්තාව සඳහන් කරන්නේ ISIS සංවිධානය විසින් පවත්වාගන යන 2020 දී ආරම්භ කරන ලද වොයිස් ඔෆ් හින්ද් නම් ඔන් ලයින් සඟරාව දකුණු ආසියානු කලාපයේ ඉංග්‍රීසි භාෂාවෙන් ISIS මතවාදය ව්‍යාප්ත කරන එකම සඟරාව බවයි. මෙම සඟරාවේ අනුගාමිකයන් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සිටින බව වාර්තාව පෙන්වා දෙයි.

මෙම සඟරාව ISIS සංවිධානය සඳහා සාමාජිකයන් බඳවා ගැනීම් හා මෙහෙයුම් සඳහා වේදිකාවකි. වාර්තාව පෙන්වා දෙන්නේ මාලදිවයිනේ සිට ක්‍රියාත්මක වන මොහොමඩ් අමීන් නමැති ප්‍රධාන ISIS නියෝජිතයා හරහා දකුණු ආසියානු කළාපයේ ISIS ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමට කටයුතු සූදානමක් පවතින බවයි.

දකුණු ආසියාවේ ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාමාජික රටවලින් විවිධ තොරතුරු අධ්‍යයනය කිරීම, අදාළ සාමාජික රටවල් සහ වෙනත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමඟ සමීපව සාකච්ඡා කරමින් කණ්ඩායම අඛණ්ඩව පවත්වාගන යාම සිදුවන බව වාර්තාව පෙන්වා දෙයි.

2020 ජුනි ISIS සංවිධානය “කොරාසන්” කලාපයේ නායකත්වය, සඳහා සනාඋල්ලා ලෙසද හැඳින්වෙන ෂහාබ් අල්-මුහජිර් පත් කරන ලදී. අල්-මුහජිර් පළපුරුදු හමුදා නායකයෙකු ලෙස හැඳින්වෙන අතර ගරිල්ලා මෙහෙයුම්, සියදිවි නසාගැනීම් හා සංකීර්ණ ප්‍රහාර සැලසුම් කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ මධ්‍යම ආසියානු රාජ්‍යයන් ඇතුළු “කොරාසන්” කලාපයට අයත් වේ.

Facebook Comments