free hit counter

දෛනිකව සියයට 5.5 කට කොරෝනා ඇති බව වාර්තා වේ

දෛනිකව පරීක්ෂාවට ලක් කරන 13,000 ක් පමණ පුද්ගලයන්ගෙන් දෙනාගෙන් සාමාන්‍යයෙන් සියයට 5.5 කට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය අතිශය බරපතළ බවත් එය පාලනයෙන් බැහැරවීම වැළැක්වීමට බලධාරීන් උපරිම උත්සාහයක් දරන බවත් පරීක්ෂණාගාරවලින් නිකුත් කරන ලද ප්‍රතිඵල හා වසංගත රෝග ඒකකය විසින් නිල වශයෙන් නිකුත් කරනු ලැබුවේ ප්‍රතිපල එකිනෙකට වෙනස් බවත් එම වාර්තා පෙන්වා දේ.

කොළඹ දිස්ත්‍රික්කය අඛණ්ඩව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය වන අතර තවත් දිස්ත්‍රික්ක කිහිපයකින්ම නව රෝගීන් වාර්තා වේ. පසුගිය සතිය තුළ, රට පුරා දිනපතා නව රෝගීන් 700 ත් 800 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව නිල සංඛ්‍යාලේඛනවලින් පෙනී යන අතර, වසංගත තත්ත්වයේ කිසිදුඅඩුවක් සිදුවී නොමැති බවට අනතුරු අඟවමින්, පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන ලෙස නිලධාරීන් ඉල්ලා තිබේ.

Facebook Comments