free hit counter

මුදල් වල බලය වෙනස් කළ එලොන් මස්ක්ගේ BITCOIN ගණුදෙනුව

එලොන් මස්ක්ගේ මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා පවසා ඇත්තේ තමන් ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් බිට්කොයින් මිලදී ගත් බවත් එය අනාගතයේදී ගෙවීමක් ලෙස පිළිගැනීමට අපේක්ෂා කරන බවත්ය.

මෙම පුවත නිසා බිට්කොයින් හි මිල 17% කින් ඉහළ ගොස් එහි අගය ඇමරිකානු ඩොලර් 44,220 ක් විය.

සමාගමේ එදිනෙදා කටයුතු සඳහා භාවිතා නොකරන මුදල් වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සාහ කරන බව ටෙස්ලා සමාගම පැවසීය.

මස්ක් මහතා සිය ට්විටර් පිටුවට “#bitcoin” එකතු කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම ගණුදෙනුව සිදුව ඇත.

ඔහු දින කිහිපයකට පසුව එය ඉවත් කළ නමුත් බිට්කොයින් සහ ඩොග්කොයින් ඇතුළු වෙනත් ගුප්තකේතන මුදල් පිළිබඳව දිගින් දිගටම කතා කරමින් සිටියේය. එය ඔහුගේ අනුමැතියෙන් පසුව 50% කින් ඉහළ ගියේය.

Facebook Comments