free hit counter

” දේවානි ” උන්මත්තක ලෙස කටයුතු කරනවා පාර්ලිමේන්තුව කැළඹු වනජීවී ඇමතිගේ සැර කතාව

අද පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වනජීවී හා වනාන්තර පිළිබඳ අමාත්‍ය සි.බි. රත්නායක මහතා ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිළදාරිනි දෙවැනි ජයතිලක මහත්මිය හා කෘඩියා සිලෙනිකා ශාකය සම්බන්ධයෙන් මෙවැනි අදහසක් පල කළේය.

” මේ විශය පථය භාරව කාටද තියෙන්නේ,ඒ වගේම විෂය සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව ඒ නිළධාරිනිය දන්නේ නැතිව කටයුතු කරනවා හුදකලා වුනු ඇය හුදකලා සටනක් ගෙනියනවා කියලා පෙන්නන්න උත්සහ ගන්නවා. නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ මොහොත වෙනකොට අමාත්‍යංශ දෙකේ ලේකම්වරු දෙන්නත් දැන් එතෙන්ට ගිහිල්ල තියනවා ඒ වගේම අලුත් තාක්ෂනයත් එක්ක බද්ධ කරලා ගතහැකි ක්‍රියා මාර්ග ගන්නවා එසේ නොහැකි නම් විකල්ප දෙයක් දෙන්න අපි උත්සහ ගන්නවා ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයන් උම්මත්තක විදියහට කටයුතු කරන අය ඉන්නවා නැතුවා නෙවෙයි. නමුත් මේ පිළිබඳ විශේෂ අවදානය යොමුකරමින් කටයුතු අපි සූදානම්”

Facebook Comments