free hit counter

ජනිපෙ මන්ත්‍රීවරු සියල්ල විමල් හැර යැයි

අද (09) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් අතර විමල් වීරවංසගේ ක්‍රියා කලාපයට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් රාශියක් අදහස් දැක්වීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා වීරවංසට එරෙහි ප්‍රහාරයේ පෙරමුණේම සිටි අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංගද මෙහිදී වීරවංසට එරෙහිව දැඩි අදහස් දැක්වීමක් කළේය. අමාත්‍ය වීරවංස ඒ රැස්වීමේ නැති බැවින් ඔහුට එරෙහිව අදහස් දැක්වීම සුදුසු නැතිබව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරත්ම ලාන්සා කුණුහරුපයක් කියමින් ඔය ප#යා කතා කරලා තියෙන්නෙත් අපි නැති තැනනේ කියා තිබේ.

විමල් වීරවංසගේ පක්ෂය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ ජයන්ත සමරවීර සහ මොහොමඩ් මුසම්මිල් යන දෙදෙනා තම පක්ෂ නායකයා වෙනුවෙන් වචනයක් හෝ කතා නොකර සිටි අතර දැනටමත් විමල් වීරවංශ තනිව ඇති බව වාර්තා වේ.

Facebook Comments