free hit counter

අඟහරුට එකට යන චීන, ඇමරිකා, අරාබි යානා

අඟහරු දේශගුණය සිතියම් ගත කිරීම හා සවිස්තරාත්මක කිරීම සඳහා වසර දෙකක මෙහෙයුමක් ආරම්භ කරමින් අඟහරුවාදා රතු ග්‍රහලෝකයට ඉහළින් කක්ෂයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අභ්‍යවකාශ යානය ඇතුළු විය. ඒ අනුව අඟහරු ග්‍රහයා වෙත ළඟා වූ පළමු අරාබි රට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බවට පත් විය.

හෝප් යන අර්ථය ඇති අල් අමල් නම් අභ්‍යවකාශ යානය ග්‍රිනිච් වේලාවෙන් සවස 4: 15 ට සාර්ථකව කක්ෂයට ඇතුළු වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරීන් තහවුරු කළහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම ඉදිරි සති කිහිපය තුළ අඟහරු ග්‍රහයා වෙත ගමන් කරන ගවේෂණ තුනෙන් පළමුවැන්න වන අතර, චීන අභ්‍යවකාශ යානයක් වන ටියැන්වෙන් -1 බදාදා සිය කක්ෂය ආරම්භ කරන අතර පෙබරවාරි 18 වනදා එක්සත් ජනපද Perseverance යානය අඟහරු වෙත සමීප වේ.

මෙවැනි රටවල් තුනක අභ්‍යවකාශ යානා තුනක් එකවර අඟහරු වෙත සමීප වන්නේ ඉතිහාසයේ පළමු වරටය. අභ්‍යවකාශ විශේෂඥයින් පවසන්නේ මිනිසා කෙතරම් අභ්‍යවකාශ ජයගන ඇති ද යන්නට මෙය කදිම උදාහරණයක් බවයි.

Facebook Comments