free hit counter

පොහොට්ටුව ඇතුලේ ඉන්දියන් ඔත්තු සේවය – ඇල්ලේ ගුණවංශ හිමි හෙළිකරයි

වත්මන් රජය බලයට පත් කරනු ලද්දේ ජාතික බලවේග විසින් බවත් අදටත් රජය හා ජාතික සම්පත් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත් නැගෙනහිර ජැටිය විදේශයකට ලබා නොදී රජය යටතේ තබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් විදේශීය ඔත්තු සේවා මෙරට ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින් ඇතැයි අල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පහර ගැසීම සදාචාර විරෝධී එකක් බවත් මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණේ තබාගෙන අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇතැයි උන්වහන්සේ සදහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතාගේ නම පාවිච්චි කර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන්නැයි උන් වහන්සේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියහ.

Facebook Comments