free hit counter

අදානි සමාගමේ කටයුතු ජනාධිපති කාර්යාලයෙන් විමල්ගේ දොස්තර හෙළිකරයි

අදානි සමාගමේ වැටුප් ලබමින් කටයුතු කළ වරායේ හිටපු සේවකයෙකු කොළඹ වරායේ ඉහළම තනතුරකට පත් කර ඇති බවත් ඔහු මේවන විට වරායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කරයි.

මෙම පුද්ගලයා මීට පෙර කොළඹ වරායේ සේවය කල පසුව ඉන් ඉවත්ව ගොස් යහපාලන ආණ්ඩුව සමයේ අදානි සමාගමේ සේවය කර තිබේ.

ඔහු වරායෙන් ඉවත් ගොස් වසර 3ක් ඇතුලත අදානිට අවශ්‍ය දේ සිදුකළ පුද්ගලයෙකු බවත් ඔහු නැගෙනහිර ජැටිය වරාය අධිකාරියෙන් සංවර්ධනය සිදුකරන සැලසුම අත්හිටවූ බවත් ඔහුගේ කොන්ත්‍රාත්තුව වූයේ එය බවත් ඒ පුද්ගලයා මේ ආණ්ඩුවෙනුත් වරායේ ලොකු පුටුවක වැඩ කිරීමට අවස්ථාව සලසා ඇති බවත් කියා සිටියේය.

මේ සිද්ධියට ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකුම පුටුවක් සිටින පුද්ගලයෙකුද සම්බන්ධ බවත් ඔහු සහ SAJT සමාගම අතර ඥාතීත්වයක් තිබෙන බවත් අදානි සමාගමෙන් පඩි ලබන තවත් පිරිසක් සිටින බවත් එ ඇමතිවරයෙකු වුවද එම සමාගම මුදලට ගන්නා බවත් වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

අදානි සමාගම අපකීර්තිමත් සමාගමක් බවත් මුදලට මිනිස්සු මිලදී ගත් සමාගමක් බවත් එම සමාගම මහා විනාශකාරී ලෝකයේ නින්දාවට පත් වූ ආයතනයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Facebook Comments