free hit counter

අලුතින් එන කකුල් තියන කාර්

වාහනයක් කොතරම් හොඳ වුවත්,සමහර විට මාර්ගයෙන් බැහැර එය ධාවනය කළ නොහැකි ස්ථාන තිබේ. දැන් හයුන්ඩායි ඉංජිනේරුවන් ඉතා දුෂ්කර භූමිභාගයක පවා ගමන් කළ හැකි වාහනයක සොයාගන තිබේ.

හයුන්ඩායි ටයිගර් එක්ස් -1 කාර් රථයේ රෝද හතරක් ඇති අතර ඒවා සෑම එකක්ම විදුලි මෝටරයකින් ක්‍රියාත්මක වේ. ඒ සෑම රෝදයක්ම ඇත්තේ දිගු, නැමිය හැකි කකුලක කෙළවරේ ය. ස්වයංක්‍රීය වාහනය තම රෝද මගින් හැකි තරම් දුරට ධාවනය කරනු ඇත, නමුත්, එය පැදවිය නොහැකි බාධක වලට මුහුණ දෙන විට, එය කකුල් මත නැගී ඒවා හරහා ගමන් කරනු ඇත. අසමාන භූමි ප්‍රදේශයක් හරහා ගමන් කරන විට එහි කකුල් නැමිය හැකිය.එහි රෝද හෝ කකුල් භාවිතා කරමින් වාහනය ඕනෑම දිශාවකට ධාවනය කළ හැකිය – ඉදිරියට, පසුපසට හෝ දෙපැත්තට – .

Facebook Comments