free hit counter

කොරෝනා මරණ භූමදානයට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය නෑ

කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළද, දැනට පවතින ගැසට් නිවේදනය වෙනස් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිසිවක් දැන නොසිටි බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අපැහැදිලි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ භූමදානය කිරීමට අවස්ථාව ලබා දෙන බවයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව විමසූ විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ආදාහනය පිළිබඳ ප්‍රතිපත්තිය ආපසු හරවන ලෙස ඊයේ සවස දක්වා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හෝ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් උපදෙස් නොලැබුණු බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවා මෙම නව තීරණය පිළිබඳව දැනුවත් කර නැති බවත්ය.

රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මෑත දිනවල සුසාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

රාජ්‍ය අඅමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් වෛරසය ජලයෙන් පැතිර යා නොහැකි බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල ද ඇයගේ ප්‍රකාශයෙන් පසුව පවා විශේෂඨ කමිටුව සහ සෞඛ්‍ය නිලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්ව නොමැත.

භූමදානය සඳහා අවසර ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය.

මේ අතර, නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ රාත්‍රියේ සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අගමැති රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය තමන් පිළිගන්නා බවත්, එමඟින් මුස්ලිම්වරුන්ට භූමදාන කිරීමට ඉඩ සැලසෙන බවත්ය.

Facebook Comments