free hit counter

විමල් එළියට දාන්න පොදුජන පෙරමුණ එකහඬින් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විමල් වීරවංශ අමාත්‍යවරයා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හෙළිදරව් ස්ථාවරය හෙළි කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයාව ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස පොදුජන පෙරමුණේ සාමාජිකයින් එක හඩින් ඉල්ලා සිටින බව පවසනවා.

එමෙන්ම පොදුජන පෙරමුණ තුළ විමල් වීරවංශ අමාත්‍යවරයාට හඬක් නැගීමට හෝ කටයුතු කිරීමට ඉඩක් නොදෙන ලෙසද එම පිරිස ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

එනිසා ඔහු ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විරුද්ධව කටයුතු නොකර ජනපති හා අගමැති කෙටවීමට වැඩ නොකර ආණ්ඩුවෙන් එළියට ගොස් මේ වැඩ කරන ලෙස විමල් වීරවංශ මහතාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා මේ කරුණු හෙළිදරව් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Facebook Comments