free hit counter

විමල් අන්තවාදියෙක්, බෞද්ධයෙක් නොවේ – පොහොට්ටුවේ ආචාර්ය මහින්ද පතිරණ

විමල් වීරවංශ වැනි අන්තවාදීන් ඉවත්කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැබෑ සිංහල බෞද්ධ වටිනාකම් මත පදනම්වූ ප්‍රබුද්ධ සමාජයක් සහිත රටක් ගොඩනැගීමට කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභල ක්රියාකිරිකයෙකු මෙන්ම බැසිල් රාජපක්ෂ කඳවුරේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දන්වා සිටිනවා.

විමල් අන්තවාදියෙකු බව විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් එවැනි චෝදනාවක් එල්ලවූ පළමු අවස්ථාව මෙය වන අතර විමල් වීරවංශ වැනි අන්තවාදියෙකුට වඩා බොහෝ පිරිසක් එක්ව මහින්ද සුළඟ නිර්මාණය කළ බවයි ආචාර්යවරයා දන්වා සිටින්නේ.

Facebook Comments