free hit counter

බැසිල් ආණ්ඩුව නටවයි, විමල්ට පච වූ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් කැරැල්ළක්

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙන්ම, ආණ්ඩුව විසින් ගනු ලබන වැදගත් තීරණ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකිරීමත්, ඇමතිවරුන් හමුවීමට අවස්ථාව ලබා නොදීමත් වැනි විවිධ කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුව ඇතුලේ කැරැල්ලක් ඇති කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සංවිධානය වී සිටි.

මේ සඳහා මන්ත්‍රීවරු 30 කට ආසන්න පිරිසක් සම්බන්ධවී සිටින අතර ඔවුන් අගමැතිවරයාගෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ඉල්ලා තිබේ.

මෙම කණ්ඩායම අද දිනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කර ඇති බවද මාධ්‍ය වෙත දන්වා තිබේ.මේ සමග විමල් වීරවංශට එරෙහි පොහොට්ටුවේ කුමන්ත්‍රණය නව ක්‍රියාමාර්ගයකට අවතීරණ වේ ඇතිබව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දේ.

Facebook Comments