free hit counter

නායකත්වය විමල්ට – විමල්ගේ නිවසේ පැවති සාකච්ඡාවේ අවසන් තීරණය ගනී

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 12ක නායකයින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී අද පස්වරුවේ රැස්වී ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළේ ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

ජනාධිපති සහ අගමැති හමුවී සාකච්ඡා කර දැන්විය යුතු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

රට අද මුහුණ දී ඇති තත්ත්වයත්, ගත යුතු හදිසි ක්‍රියාමාර්ග මොනවාදැයි යම් සාකච්ඡාවක් ඔවුන් සමග කළ යුතු බවද ඔහු කීය.

ඒ අනුව ආණ්ඩුවේ නායකත්වය යම් දුර්වල තත්ත්වයකට පත්ව ඇති බවත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව නිවැරදි මාවතට ගතයුතු බවත් ඔවුන් සාකච්ඡා කළ බව අභ්‍යන්තර ආරංචි පවසයි.

එසේම ආණ්ඩුවට පක්ෂ ජාතික සංවිධාන හා භික්ෂූන් වහන්සේලා විමල් වීරවංශ මහතාගේ නායකත්වය පිළිගනිමින් කළ ප්‍රකාශය අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ඔවුන් අතර යම් එකඟතාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.

Facebook Comments