free hit counter

බදුල්ලේ භූමිකම්පාවක්

බදුල්ල මඩොල්සිම ඇකිරිය ග්‍රාම නිළධාරි වසමේ එගොඩ ගම ,අළුත්වත්ත ,පල්ලේවෙල ,යන ගම්මානවලට අද (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්වයක් ඇතිවු බව ‍ප්‍රදේශවාසීහු පවසති.

මීට පෙර ඇකිරියට ඉකුත් 22වන දින අලුයම 3.30ට, එදිනම රාත්‍රි 9.55ට, 23 වන දින උදෑසන 10ට පමණ ,31 වන දින අලුයම 2.59ට පමණ භූ කම්පන හතරක් ඇති වී තිබිණි.

ඇකිරිය ගම්මානයේ පවුල් 325ක් පමණ ජීවත් වෙති.

කාලයක පටන් වික්ටෝරියා ජලාශය ආශිතව ඇතිවන භූ කම්පන තත්ත්වය පිළිබඳ ප්‍රදේශවාසින් බියෙන් පසුවන අතර මෙම භූ කම්පන කුමන හේතුවක් මත ඇතිවනවාද යන්න පැවසීමට භූ විද්‍යා හා පතල් කැණීම් පරීක්ෂණ පවත්වමින් සිටිති.

Facebook Comments