free hit counter

මීමුරේ මහ වනය කපන යෝජනාව හෙට ගම සමග පිළිසඳරට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මීමුරේ ගම්මානයේදී හෙට (13දා) ‘ගම සමග පිළිසඳරක් ’ වැඩසටහන පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙම වැඩසටහනට යම් පුද්ගලයන් යොදවා ලෝක උරුම නකල්ස් (දුම්බර) වනාන්තරය මැදින් මාතලේ, ලග්ගල, පල්ලේගම දක්වා කිලෝමීටර් 8 ක මහා මාර්ගයක් තැනීමට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.

එසේම අක්කර 90 ක වාරිමාර්ග රක්ෂිත වනාන්තරයක් කපා කුඹුරු බවට පත්කිරීමේ යෝජනාවක් ද තවත් පුද්ගලයෙකු ඉදිරිපත් වීමට නියමිත බව ප්‍රදේශවාසින් පවසයි.

වනය විනාශ කරන මෙම යෝජනා දෙක දේශපාලකයකුගේ හා හිටපු පරිපාලන නිලධාරියකුගේ අදහසක් අනුව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වන අතර දැව ලබා ගැනීමේ පටු පරමාර්ථය මේ පිටුපස ඇති බවයි වාර්තා වන්නේ.

Facebook Comments