free hit counter

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තොරතුරක් හේතුවෙන් කොච්චිකඩේ ආරක්ෂාව තර කෙරේ

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ලද වෙරළබඩ පොලිසියට ලැබුණු නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

එම ලිපියේ පාසල්, ආගමික ස්ථාන හා පොදු ස්ථානවලට පහර දීමට සූදානමක් ඇති බවට තොරතුරු ඇති බවයි එම වාර්තාව පවසන්නේ.

බුද්ධි අංශ විසින් මේ පිළිබඳව සිඋ කරන ලද විමර්ශනයක් මගින් මෙය බිය වැද්දීම සඳහා සිදුකළ බවට අනාවරණය වී ඇති බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

Facebook Comments