free hit counter

ඕෂෝ ගේ ස්ත්‍රිය ශීලා

මා ආනන්ද් ෂීලා උපත ලැබුවේ 1949 දෙසැම්බර් 28 ඉන්දියාවේ දිය. ඇය ෂීලා අම්බලාල් පටෙල් , නැත්නම් ෂීලා බර්න්ස්ටයිල් ලෙසද හැඳින්වේ. ඇය ඉන්දියාවේ උපන් ස්විට්සර්ලන්ත ජාතිකයෙක් වන අතර රාජනීෂ් ව්‍යාපාරයේ (ඕෂෝ ව්‍යාපාරයේ) ප්‍රකාශිකාව විය.

1981 සිට 1985 දක්වා භගවාන් ශ්‍රී රාජ්නීෂ්ගේ ලේකම්වරිය ලෙස ඇය එක්සත් ජනපදයේ ඔරිගන්හි වාස්කෝ ප්‍රාන්තයේ රාජනීෂ්පුරම් ආරාමය කළමනාකරණය කළාය.

1984 රාජ්නීෂී ජෛව ත්‍රස්ත ප්‍රහාරයේ භූමිකාව වෙනුවෙන් 1986 දී ඇය මිනීමැරීමට හා පහර දීමට තැත් කළාය යන පදනම මත අත්අඩංගුවට පත්විය.ඇයට වසර 20 ක සිර දඬුවමක් නියම වූ අතර මාස 39 කට පසු නිදහස් කරන ලදී.

ෂීලා පසුව ස්විට්සර්ලන්තයට ගොස් එහි විවාහ වූ අතර සාත්තු නිවාස දෙකක් මිලදී ගත්තාය.

1985 දී එක්සත් ජනපද ෆෙඩරල් නීතිඥ චාල්ස් ටර්නර් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට අදාළව 1999 දී ස්විට්සර්ලන්ත අධිකරණය විසින් ඇය වරදකරු කරනු ලැබීය.

රජ්නීෂ්පුරම් හි හිටපු නගරාධිපති ඩේවිඩ් බෙරී නැප් FBI වෙත සිය සාක්‍ෂි දෙමින් කියා සිටියේ, “1985 දී ඔවුන් ඉන්දියාවේ කළ සංචාරයකදී ෂීලා ඔහුට පැවසූයේ, ඇය තම පළමු සැමියාට, මාක් හැරිස් සිල්වර්මන්ට විෂ එන්නත් කළ බවයි. පසු ෂීලාව ස්විට්සර්ලන්ත පුරවැසියෙකු වූ උර්ස් බර්න්ස්ටයිල් සමඟ විවාහ වූවාය. විවාහයෙන් ටික කලකට පසු ඒඩ්ස් රෝගයෙන් ඔහු මිය ගියේය.

ශීලා සැලකෙන්නේ ඕෂෝ ලෝකප්‍රකට කරන ලද ස්ත්‍රිය ලෙසයි.

 

Facebook Comments