free hit counter

බටහිර ජැටිය ගන්න ඉන්දියාව කැමැත්ත දෙයි

කොළඹ වරායේ බටහිර ජැටිය ඉදිකොට සංවර්ධනය කර මෙහෙයුම් කටයුතු පවත්වාගෙනයාම සඳහා ඉන්දීය රජය සිය කැමැත්ත ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට වාර්තා වේ.ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා මෙම පණිවුඩය ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති බවට එම වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියාවේ ‘අදානි’ සමාගම සහ ඔවුන්ගේ දේශීය හවුල්කරු වන ජෝන් කීල්ස් සමාගම මේ සඳහා දැනටමත් සිය අනුමැතිය පළ කොට තිබේ.

රජයේ අමාත්‍ය මණ්ඩලය ද බටහිර ජැටිය ඉදිකොට වසර 35කට පසු නැවත රජයට පවරා දීමේ (BOT) ගිවිසුමකට එළැඹීමට අවසරය ලබා දී තිබිණි.

Facebook Comments